Recent Updates RSS Toggle Comment Threads | Keyboard Shortcuts

  • Yකණි 10:55 pm on May 13, 2012 Permalink | Reply  

    කඳුලු අතරින්.. 

    කඳුලු අතරින්

    හිතට වද දුන්

    පැණය ඇසුවා

    නැවත අද දැන්

    ලැබුව පිළිතුරු

    පෙර දිනය මෙන්

    පිරුණු කඳුලැලි

    බිමට වැටෙමින්

     

     
    • Sajith 11:10 pm on May 13, 2012 Permalink | Reply

      හිතේ ඇති දෑ කීමට
      හිත දුන්නත් කියාගන්න බෑ :D

    • Hima Kumari 11:25 pm on May 13, 2012 Permalink | Reply

      aneeeee :/ duk wenna epa mallo.. owa ohoma thamaii.. mude inne eka maluwada alo :P

    • Pabalu 4:39 pm on May 14, 2012 Permalink | Reply

      උහුලන්නේ කොහොමෙයි මේ දුක .. :D :D
      හිතට එන දේ කවි වෙලා ගලනවා. එල එල ඔහොම යන.ජයවෙවා

    • HasaraB 6:55 pm on May 14, 2012 Permalink | Reply

      මොකද්ද ඔය පැනය? :O

  • Yකණි 1:28 am on April 4, 2012 Permalink | Reply  

    මාමා අපේ මාමා නැන්දා අපේ නැන්දා.. 

    (මාමා වලස් මාමා කාටූන් ගීතයේ තාලයට ගායනා කල හැක :D  )

    මාමා අපේ මාමා නැන්දා අපේ නැන්දා.. //

    දෙන්න දෙමල්ලෝ හම්බු කරන්නේ

    අහල පහල මිනිසුන්ය තැවෙන්නේ

    ගේදොර රජ මාලිගවල් වෙන්නේ..

    මාමා සැමදා රජ සැප ගන්නේ.. //

    (More …)

     
    • Sajith 1:41 am on April 4, 2012 Permalink | Reply

      එල එල :D

    • ම*න්* 12:54 pm on April 4, 2012 Permalink | Reply

      තීරුබද්ද වැඩිකෙරුවේ රටේ හොදට මං
      නෝටි කියල unp දැම්මනේ ලෙඩේ
      කවුරු මොනව කිව්වත් මේ මං හොදයි
      දගකරන්නෙ නෑ මේ මං හොදයි

      ෆොන්සේකා හිරේ දැම්මෙ ආදරේට මං
      කොටිය එක්ක යුද්දේ ඉවර කෙරුවෙ මං
      සින්දු කියල රේස් පැදල හිටිය මං
      පොඩ්ඩක් දග කෙරුවට හරි හොදයි මං
      ජනතාවට මං හරි ආදරෙයි

      ඔයල මට බැන්නට මං හොදයි !

      ඔන්න මන් වෙන සහෝදරයෙක් :P

    • ~ChAnDiKa~ 11:12 am on April 6, 2012 Permalink | Reply

      සුදු වෑන් එකක් එනෝ :D

  • Yකණි 12:58 am on February 10, 2012 Permalink | Reply
    Tags: , , කඳුලු, දෙනෙත්, , , මතකය,   

    පැමිණේ දෝ 

    Image: http://www.inmagine.com/ispi066/ispi066163-photo

     

    අලුතින් මිතුරුන්

    හමු වූ විගසින්

    අප අමතක විය දෝ

    හැඬූ කඳුලු පිස

    ඔබ පිළිගන්නට

    සිටි මා අමතක දෝ

    පෙරදා දිනයක

    අප සිනසුනු හැටි

    මතකෙට නොම ඒ දෝ

    නොහැකිය මා හට

    අමතක කෙරුමට

    ඔබ හට පුලුවන් දෝ

    සැඟවුනු දෙනෙතේ

    කඳුලු බිංදු ගැන

    ඔබ හට දුක නැති දෝ

    සැමදා ඉන්නම්

    ඔබ වෙනුවෙන් මම

    නැවතත් පැමිණේ දෝ

     

     
    • සිතුවිලි නිහඬයි 2:09 pm on February 10, 2012 Permalink | Reply

      මේ මොකෝ මල්ලි මේ…..

      පද ටික නම් ලස්සනයි….සිතුවිල්ලක් විතරයි නේද…..

      • Yකණි 9:32 pm on February 10, 2012 Permalink | Reply

        හිතුනා ලීවා ;)

    • WickZ 2:23 pm on February 10, 2012 Permalink | Reply

      ම්ම්ම්ම් ;)

      • Yකණි 9:32 pm on February 10, 2012 Permalink | Reply

        හ්ම්ම්ම්ම්ම් :P

    • හසී 5:21 pm on February 10, 2012 Permalink | Reply

      දුක හිතෙනවා…. ආයේ එන්න කියලා ප්‍රාර්ථනා කරන්නම්කො….. :)

      • Yකණි 9:32 pm on February 10, 2012 Permalink | Reply

        හී හී ස්තූතී අක්කා :P

    • සහෝධරයා 5:24 pm on February 10, 2012 Permalink | Reply

      ඇත්තෙන්ම ඔබ මතක නැති කරන්නට මට මතක නැතිවුනා.මතකයන් අමතක කෙරුවත් අමතක නොවෙනා වග මට කියා දුන් ඒ දොල ලග ගුරුපාර , දංබෝවිටියා කැලය , ඔබ එකල කඩන් ආ නීල දං මතක් වන විට එන්න සිතයි ඔබ ලගට මිදී.ඒත් කොහොමද මං එහෙම කරන්නේ ඔයත් රටෙන් එතෙර වෙලා තිබියදී.ඉතින් කෙසේද අත්බැද ඇවිදින්නේ..යොමුවී වෙනතක මා තනිවුනු දින තනියට සිටියේ ඔබ පමනක් බව මා කෙසේ අමතක කරම්ද..නමුත් ඔබත් මමත් ඇයත් තිදෙන සමකෝණී ත්‍රිකෝණයක් වූ කල්හිදී ආදරය සුන්දර වරදක්ම වූ බවත් මා මතකයේ ඇත.එනමුත් කෙසේ කියන්නද මා ඔබ අතහැර ඉවත ගියා කියලාහ්.. කෙසේමුත් සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයා ගිය මා අසරන වෙලා වගේ සිතට දැනෙනවා .කාත් කවුරුවත් නෑ එන්නෙ ඹබරුන් විතරයි අද තනියට ලග ඉනනෙත්. නමුත් අද තනියෙන් මා හඩන්නේ නැහැ.ඇත්තෙන්ම ගෙවූ කාලය සිහිනයක්.!
      ඉතින් කෙටියෙන් පවසමි මට කීමට ඇති සැමදේ මගෙ දුරකතනයෙ අංකය මතක නම් මොහොතක් කතා කරන්න.
      මතකයිනෙහ් මගෙ දුරකතනයෙ අංකය විසිහතරයි

      මා ලදකි වාසනා
      නම මෝනාලිසා

      • Yකණි 9:33 pm on February 10, 2012 Permalink | Reply

        මේ බං උබට ඔහේ වැඩ නැද්ද? :P :D මොක උනත් එල ඈ ;)

    • ඩිලාන් 11:05 pm on February 11, 2012 Permalink | Reply

      කනියට කවි සිතුවිල්ලක් පහල වෙලා ආයෙත්,,හා,,හා ආයේ වෙනසක් වගේ

      • Yකණි 12:17 am on February 12, 2012 Permalink | Reply

        හැමදාම එකම විදියට ඉඳල බැහැනේ ;)

    • prarthana 11:55 pm on February 11, 2012 Permalink | Reply

      හලේ.. මොකෝ මේ කණියා මල්ලිට වුනේ..

      • Yකණි 12:22 am on February 12, 2012 Permalink | Reply

        කවියක් ‍ව‍ගේ එකක් ලියඋනානෙ බලන්නකෝ :P

    • Shyamali 9:01 am on February 12, 2012 Permalink | Reply

      Malli moko prashnayakda?

      • Yකණි 12:25 pm on February 12, 2012 Permalink | Reply

        හලෝ අක්කා :) දන්නෙ නැද්ද ඉතින් නිකන් හිතුනා ලීවා.. වෙන කේස් එකක් නැතෝ ;)

    • Sajith 12:30 pm on February 12, 2012 Permalink | Reply

      ඇති යන්තම් මේකට දාන්න ඉමේජ් එකක් හොයාගෙන :D

      • Yකණි 1:13 pm on February 12, 2012 Permalink | Reply

        ඔව් බං උබ අර කෙල්ලො සෙට් එක දිහා බලන්න ඉන්න පො‍ටෝ එක දාන්න දුන්නෙ නැති නිසා බොහොම අමාරුවෙන් ගූගල් කරලා එකක් හොයා ගත්තා :D

    • Pabalu 4:49 pm on February 18, 2012 Permalink | Reply

      elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzz….

    • Hima Kumari 12:26 am on February 28, 2012 Permalink | Reply

      ආ.. ආයෙ කවියක්.. නියමයි මල්ලි ඔහොම යා……න්.. :D
      මේ.. එයා ඒවි…. බයවෙන්නෙපා හලේ..

      • Yකණි 12:33 am on February 28, 2012 Permalink | Reply

        මම මේ තාමත් කල්පනා කරනවා ඇයි මෙහෙම එකක් ලීවේ කියලා :D

  • Yකණි 11:51 am on December 20, 2011 Permalink | Reply
    Tags: , දෙහදක්, , , ,   

    ඔබත් මමත් 

    ඔබත්

    මමත්

    දෙහදක්

    දෙතැනක්

     

     
    • ශානු 11:56 am on December 20, 2011 Permalink | Reply

      සහතික ඇත්ත

      • Yකණි 12:57 pm on December 20, 2011 Permalink | Reply

        අත්දැකීමෙන්ද මන්දා කියන්නේ :P

    • naD 12:35 pm on December 20, 2011 Permalink | Reply

      ඉතිං එක තැනකට වුනානං ඉවරයිනෙ අලො..

      • Yකණි 12:57 pm on December 20, 2011 Permalink | Reply

        කොහෙ වෙන්නද ඉතින් :)

    • හා පැටික්කි (MS) 12:49 pm on December 20, 2011 Permalink | Reply

      ????

      • Yකණි 12:57 pm on December 20, 2011 Permalink | Reply

        හලෝ හා අක්කා.. මම කවියක් වගේ එකක් ලීවා :)

    • සහෝධරයා 10:02 pm on December 20, 2011 Permalink | Reply

      ඉතින් මට මොකද යකෝ :D

      • Yකණි 10:06 pm on December 20, 2011 Permalink | Reply

        ඒකත් ඇත්ත ‍නේ :D

    • හසී 10:03 pm on December 20, 2011 Permalink | Reply

      ඈ…. ඒ පාර මොකද මේ.. දෙතැනක ඉන්නේ මොකෝ ඒක වහලක් යටට උනානම් හරි නේ ;)

      • Yකණි 10:06 pm on December 20, 2011 Permalink | Reply

        සංසාරේ භවේ දුකා!

    • Jay Boy 10:11 pm on December 20, 2011 Permalink | Reply

      ඇඩෙනව ඕයි! :D

      • Yකණි 10:12 pm on December 20, 2011 Permalink | Reply

        අඬන්න එපා බං ඔහොම තමා :D

    • දර්ශන 10:23 pm on December 20, 2011 Permalink | Reply

      අත්දැකීමක් නේද මලය?

      • Yකණි 10:30 pm on December 20, 2011 Permalink | Reply

        ගොඩ කාලෙකින් මොකුත් ලීව නැති නිසා පොටෝ එක දැකලා ලීවෙ ;)

    • pabalu 10:54 pm on December 21, 2011 Permalink | Reply

      පොඩි කමට හිතෙන ඒවා..නියමයි :)

      • Yකණි 11:57 pm on December 21, 2011 Permalink | Reply

        ඒකනෙ අක්කා.. බලන්නකෝ……….

    • නචියා 6:03 pm on December 22, 2011 Permalink | Reply

      දැන් ඉතිං කාලෙ හොඳා මලේ… ඔය වගේ දේවල් හිතෙන්නෙ නිකමට නෙවේ…..:DD

      • Yකණි 8:24 pm on December 22, 2011 Permalink | Reply

        ඒක තමා මාත් මේ බැලුවේ ;) බලමු බලමු :P

    • WickZ 8:21 am on January 17, 2012 Permalink | Reply

      උඹත් මරු එවුවා ලියනවනෙ ඈ :D

  • Yකණි 12:44 pm on August 2, 2011 Permalink | Reply
    Tags: Sri Lanka, Travel, ශ්‍රී ලංකා, සංචාරය, සොඳුරුබව   

    විඳින්නට සොඳුරුබව 

    දකින්නට මේ රූසර

    විඳින්නට මේ සිසිලස

    ඉපදුනා අප සැම

    මෙවන් රන් භුමියක

    දකින්නට නොදු‍ටු තැන්

    බලන්නට නොගිය තැන්

    කියන්නට දුටුව තැන්

    ඔබ සැවොම එන්න දැන්

    ලොවේ නෑ කිසි තැනක

    උපන් බිම වැනි තැනක්

    අභිමානයක් අපට

    පින්බිමක ඉපදීම

    එක් වන්න අප සමග

    විඳින්නට සොඳුරුබව

    කියන්නට ලෝකයට

    අපේ රට රුව වරුණ

     

     

    SafariLanka.com සඳහා පොඩි ඇඩ් එකක් වැනි දෙයක් බව සලකන්න :D

     

     
    • සිතුවිලි නිහඬයි 12:55 pm on August 2, 2011 Permalink | Reply

      එක නම් ඇත්ත…ලංකාව තරම් ලස්සන රටක් නෑ

      • Yකණි 7:15 pm on August 2, 2011 Permalink | Reply

        ස්තූතී අක්කා ප්‍රතිචාරයට :) ඒක ඇත්ත.. හැබැයි අපේ අය ඒ ලස්සන විනාස කරනවා ගොඩක්ම

    • ශානි 12:57 pm on August 2, 2011 Permalink | Reply

      ආදර සිතුවිලි සොබා සිතුවිලි බවට හැරවිලා :P

      මොනා උනත් ලස්සන අදහසක් මල්ලී

      • Yකණි 7:19 pm on August 2, 2011 Permalink | Reply

        එහෙම තමා ඔයාලා හිතුවාද කොල්ලෝ හැමදාම කෙල්ලෝ පස්සේ විතරක් යාවී කියලා :D ස්තූතී අක්කා ප්‍රතිචාරයට :)

    • සසීන්ද්‍ර 1:04 pm on August 2, 2011 Permalink | Reply

      [ඈ..හ් මූ කවිත් ලියනවද :D ]

      ඇත්තටම නියමයි!
      සුද්දො (තව තව උං) ඇවිත් මේක විනාස කොළේ නැත්තං ලංකාව තවත් ලස්සන වෙන්න තිබුණ :)

      • Yකණි 7:26 pm on August 2, 2011 Permalink | Reply

        ඒක ඇත්ත මලයා.. සුද්දා ආවේ නැත්තම් ලංකාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා.. ඒත් තවමත් අපේ අය, සුද්දා කරපු වැඩ බලන්න යනවා නේද..

    • සහෝධරයා 1:08 pm on August 2, 2011 Permalink | Reply

      බලනට සෙට්වෙන්න
      ආසයි එක්වෙන්න
      ෆොටෝවක් ගහන්න
      සොදුරු බව සැමදා රැකගන්න

      • Yකණි 7:26 pm on August 2, 2011 Permalink | Reply

        අනිවා උබත් එක්කන් යනවා.. :P

    • නචියා 1:24 pm on August 2, 2011 Permalink | Reply

      ඔය ටික අපේ මිනිස්සුනට තේරෙන්නෙ නැති එක තමයි දුක.

      • Yකණි 7:29 pm on August 2, 2011 Permalink | Reply

        ඒත් මට නම් හිතෙන්නේ දැන් දැන් කට්ටියට ටික ටික සොබාදහමට ආදරය කරන්න පටන් ගන්නවා.. ගොඩක් තරුණ පරම්පරාව ඉන්නවා ඒ අසිරිය විඳින.. ඒක විනාස කරන අයත් ඉතින් එමටයි.. මොනව උනත් ස්තූතී අයියා ප්‍රතිචාරයට :)

    • හිම කුමාරි 1:24 pm on August 2, 2011 Permalink | Reply

      වාව් මල්ලී… අදහසයි කවියයි දෙකම නියමයි… :)

      • Yකණි 7:29 pm on August 2, 2011 Permalink | Reply

        ස්තූතී අක්කා :)

    • සුමින්ද 1:26 pm on August 2, 2011 Permalink | Reply

      අපේ රටේ ලස්සන, වටිනාකම හොඳහැටි තේරෙන්න නම්, රටින් පිටවෙන්නම ඕන!
      අගේට පද ගලපන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑනෙ…

      • Yකණි 7:32 pm on August 2, 2011 Permalink | Reply

        පද කිහිපයක් ජීවිතේ මල් අක්කා සංස්කරණය කරලා දුන්නා :) ස්තූතී ප්‍රතිචාරයට

    • explorer 1:26 pm on August 2, 2011 Permalink | Reply

      කවිය නියමයි.මම අර උබ ප්‍රමෝට් කරන වෙබ් සයිට් එකටත් ගියා.ඒකත් එල ඈ

      • Yකණි 7:34 pm on August 2, 2011 Permalink | Reply

        ස්තූතී ප්‍රතිචාරයට!

    • Sajith 7:03 pm on August 2, 2011 Permalink | Reply

      api giye punchi kaale :D

      • Yකණි 7:34 pm on August 2, 2011 Permalink | Reply

        දැන් ලොකු ඇති :D

    • හසී 7:13 pm on August 2, 2011 Permalink | Reply

      හලේ කොල්ලා නියමයිනේ ආ…………………… :D

      “විඳින්නට සොඳුරුබව
      කියන්නට ලෝකයට
      අපේ රට රුව වරුණ” මේ ටිකට හිත ඇදිලා ගියා……..

      • Yකණි 7:36 pm on August 2, 2011 Permalink | Reply

        ආ ඒ අන්තිම පදේ මම ලීවේ “අපේ රට උතුම් බව” කියලා ජීවිතේ මල් අක්කා තමා සංස්කරණය කරලා දු‍න්නේ :)

    • Geeth | ගීත් 7:15 pm on August 2, 2011 Permalink | Reply

      ෂැහ් මරු මරු……………….

      • Yකණි 7:36 pm on August 2, 2011 Permalink | Reply

        ස්තූතී මලයා :)

    • Bunny 7:20 pm on August 2, 2011 Permalink | Reply

      මරු ලිංක් කිරිල්ලා.. සිරා ඇ :D

      • Yකණි 7:36 pm on August 2, 2011 Permalink | Reply

        එහෙම තමා ඔබන්න හිතෙන විදියට ලිංක් කරන්න එපෑ බං ;)

    • zahara 7:31 pm on August 2, 2011 Permalink | Reply

      niyamai malli…mati poosath waradak na hodata kawe liyanawa ne….keep it up

      • Yකණි 7:38 pm on August 2, 2011 Permalink | Reply

        ඔව් ඔව් ඒම තමා :P ස්තූතී අක්කා ප්‍රතිචාරයට :)

    • ~ChAnDiKa~~ 8:12 pm on August 2, 2011 Permalink | Reply

      පට්ටයි පට්ටයි. අපිත් සෙට් වෙලා ඒ සුන්දරත්වෙ පොටෝ ගමු :D

    • පූසා 8:32 pm on August 2, 2011 Permalink | Reply

      එළකිරි මචං!

      • Yකණි 10:24 pm on August 2, 2011 Permalink | Reply

        ස්තූතී මචං!

    • කිඩෝ 8:37 pm on August 2, 2011 Permalink | Reply

      අඩේ කණියා ඇඩුත් දාන්න අරන් හි හි එල එල ලංකාව තමා හොදම උපන්න රට තරම් හොද රටක් තියේදවෙන…..

      • Yකණි 10:29 pm on August 2, 2011 Permalink | Reply

        එහෙම තමා මචං :P ස්තූතී මචං ප්‍රතිචාරයට

    • සම්පත් සඳරුවන් 9:13 pm on August 2, 2011 Permalink | Reply

      ලස්සන තැන් ගොඩක් ඇත සිරි ලංකාවේ…
      ලේනා ලියනු ඇත ඒ ගැන සෆාරි ලංකාවේ…
      සියළු දෙනා එකතුව සෆාරි ලංකාව වටේ…
      දැකගමු සොඳුරු තැන් මේ සිරි ලංකාවේ…

      • Yකණි 10:29 pm on August 2, 2011 Permalink | Reply

        පිස්සු කොර.. එල මචං..

    • ශාමින්ද 9:19 pm on August 2, 2011 Permalink | Reply

      අපේ දේවල් අපිට අගෙයි. එල එල.

      • Yකණි 10:29 pm on August 2, 2011 Permalink | Reply

        අනිවා.. ස්තූතී ප්‍රතිචාරයට

    • ChammA 10:53 pm on August 2, 2011 Permalink | Reply

      ශ්‍රී ලංකා රොක්ස් !!!

      • Yකණි 3:01 am on August 3, 2011 Permalink | Reply

        ස්තූතී මචං ප්‍රතිචාරයට!

    • පබලු 10:14 pm on August 3, 2011 Permalink | Reply

      ha haa… niyamayi…… eka nam niyama ma niyamayi… jayavevaa

      • Yකණි 10:16 pm on August 3, 2011 Permalink | Reply

        ස්තූතී පබලු අක්කා :)

    • හා පැටික්කි (MS) 10:35 pm on August 3, 2011 Permalink | Reply

      රුවට රුවක් ඇත
      මෙහෙම රුවාක් නැත
      ඇයගේ පින්බර රුව වාගේ……
      මවට මවාක් ඇත
      මෙහෙම මවාක් නැත
      අප සුරකිණ ලක්මව වාගේ……….

      ඔන්න මට මතක් උන ඒක…….

      ලස්සනයි මල්ලි………….

      • Yකණි 10:37 pm on August 3, 2011 Permalink | Reply

        ස්තූතී හා අක්කා :)

    • නිම්ශා 4:11 pm on August 6, 2011 Permalink | Reply

      හරිම ලස්සනයි…අපේ රට තරම් හොද රටක් අපිට කොහෙන්ද තව..අර කියන්නේ උපන් බිමේ හිඟකාලා මැරුනත් සැපයි කියලා..ඕක කියන්නේ නම් අපේ ලොකු මාමා එයා ඉන්නේ පිට රටක නේ..එත් ඉතින් එහෙව් ඉදපු අපිත් දනි රටේ වටිනාකම්…

      • Yකණි 9:58 pm on August 10, 2011 Permalink | Reply

        එහෙම තමා.. ගොඩක් අය‍ට රටින් පිට උනාම තමා තේරෙන්නේ.. අපි තවම කොහෙවත් ගිහින් නැහැනේ ඉතින් අපිට හිතෙන්නෙ නෑ :/ ස්තූතී නගා ප්‍රතිචාරයට :)

    • chathuri 12:32 pm on December 8, 2011 Permalink | Reply

      oya hoda kavi karayek wage. ap de apita watinawa aiya thanks for u.

      • Yකණි 11:58 pm on December 21, 2011 Permalink | Reply

        ස්තූතී චතුරි :)

  • Yකණි 12:05 pm on July 31, 2011 Permalink | Reply
    Tags: ඈත අහසේ, ගී ගයමින්,   

    ඈත අහසේ 

    මට ආසයි ගී ගයමින්

    ඈත අහසේ ඉඟිල යන්න

    ඔබ එනවද මා සමඟින්

    මගෙ තනිකම මකාලන්න

     
    • Za Za 12:10 pm on July 31, 2011 Permalink | Reply

      haaa marai neh!

      • Yකණි 12:16 pm on July 31, 2011 Permalink | Reply

        නෑ නෑ මාර නෑ :P ඔන්න එනව නේද :D

    • පූසා 12:10 pm on July 31, 2011 Permalink | Reply

      උඹ මලක් ගැහුවද? :D

      • Yකණි 12:17 pm on July 31, 2011 Permalink | Reply

        ඈ.. අපි තව පොඩි ලමයි බොල :D

    • සහෝධරයා 12:21 pm on July 31, 2011 Permalink | Reply

      අපෝ බැහ්.. මට නම් බෑ .. මම එන්නෑ .. එක පාරක් කිව්වනේ බෑ කියල
      බෑ බෑ බෑමයි …
      බෑ. . . . . .හ් :P :D

      • Yකණි 12:23 pm on July 31, 2011 Permalink | Reply

        ආ ඔව් ඔව් උබව එක්කන් යන්නෙ නෑ.. උබ ‍හතර වටේම පොටෝ ගන්න පටන් ගත්තහම පියාඹන එකත් අමතක වෙනවා :D

    • Sanj 12:25 pm on July 31, 2011 Permalink | Reply

      පරිස්සමින් හරිද..?
      මට නම් දැන්ම බෑ :P

      • Yකණි 12:33 pm on July 31, 2011 Permalink | Reply

        Rio බලන්න ඒකේ පියාඹන්න උගන්වනවා :D

    • දරිශන 12:44 pm on July 31, 2011 Permalink | Reply

      මටනං බෑ එන්න…..

      • Yකණි 12:54 pm on July 31, 2011 Permalink | Reply

        හික්ස් :D

    • Sajith 12:51 pm on July 31, 2011 Permalink | Reply

      බොට බාගෙට පිස්සුද? :D

      • Yකණි 12:54 pm on July 31, 2011 Permalink | Reply

        නෑ නෑ ඒ බාගෙට නෙවේ අනිත් බාගෙට :D

    • සම්පත් සඳරුවන් 12:59 pm on July 31, 2011 Permalink | Reply

      තාලයකට ගීකියමින්
      උබ පලයන් පියාබන්න
      ගැරඩි එනවා උබ සමගින්
      උබේ තනිකම මකාලන්න :D

      මිහින් එයාර් සමඟින් නම්
      මම එනවා උබත් එක්ක
      මතක් කරල යන්න කලින්
      ටිකට් ගනින් මටත් එක්ක :D

      • Yකණි 1:05 pm on July 31, 2011 Permalink | Reply

        ලොල්ස් :D

        • සහෝධරයා 1:14 pm on July 31, 2011 Permalink | Reply

          හික් හික් :D

    • සිහින 1:15 pm on July 31, 2011 Permalink | Reply

      අනේ මන්ද ලේනෝ බං
      උඹටත් හිතෙනා දේවල්
      ගනින්කෝ බං රොකට් එකක්
      හයි කරපන් කැසට් එකක්

      • Yකණි 5:12 pm on July 31, 2011 Permalink | Reply

        හික්ස් :D ඒකත් මරු :P

    • හා පැටික්කි (MS) 3:04 pm on July 31, 2011 Permalink | Reply

      මල්ලි
      බය වෙන්න එපා

      ගැරඩි ඒවි
      මේවා අහලා
      මල්ලි එක්ක
      පියාඹන්න…….

      • Yකණි 5:13 pm on July 31, 2011 Permalink | Reply

        දැක්කා නේද අක්කා
        සත්තු උනත් ආසයි
        මේ මල්ලිගේ කවි
        අහල බලල රස විඳින්න :P

    • හසී 3:05 pm on July 31, 2011 Permalink | Reply

      මම එන්නම් ඉගිල්ලෙන්න
      ඔබත් එක්ක දුර ආකාසේ
      පාවී පාවී ඈතටම යන්න
      අපේම ලොවක් සොයා

      ආ ලස්සන කවි ලියනවා දැන් එල එල :)

      • සම්පත් සඳරුවන් 5:02 pm on July 31, 2011 Permalink | Reply

        :O

        • Yකණි 6:14 pm on July 31, 2011 Permalink | Reply

          ඇයි ‍මොකෝ :D

      • Yකණි 6:13 pm on July 31, 2011 Permalink | Reply

        එහෙම තමයි අක්කා හොඳ ලමයි උනහම :P

    • සම්පත් සඳරුවන් 5:11 pm on July 31, 2011 Permalink | Reply

      එකම කවිය බලාලා
      ඇසටත් වෙහෙස වීලා
      තව කවියක් ලියලා
      දාපන් ඉක්මන් කරලා

      • Yකණි 8:00 pm on July 31, 2011 Permalink | Reply

        බොට ඕනෑ වෙලාවට
        මම නොඳමමි කවි
        ඉන්නම බැරි නම්
        හදපන් බ්ලොගක් කවි :D

    • හිම කුමාරි 8:31 pm on July 31, 2011 Permalink | Reply

      යමු යමු එහෙනං මල්ලී
      ඈත අහසෙ ගී ගයමින්
      හැබැයි එකක් මටනං බෑ
      ඔයාගෙ තනිකම මකන්න

      ඒකට වෙන කෙනෙක් හොයාගන්න….. :D

      • Yකණි 8:33 pm on July 31, 2011 Permalink | Reply

        හිකිස් :D

    • සිතුවිලි නිහඬයි 1:22 pm on August 1, 2011 Permalink | Reply

      අනේ ඔන්න මට නම් බෑ….කව්රු හරි හොයා ගත්තනම් හරි තනියට පියාඹන්න

      • Yකණි 1:27 pm on August 1, 2011 Permalink | Reply

        අන්න ඒකනේ බැරිම වැඩේ.. නැහැනෙ කවුරුවත් :D

    • ශානි 1:45 pm on August 1, 2011 Permalink | Reply

      අපෝ ඉගිලෙන්න ගිහින් අත පය කඩා ගන්න මට බෑ

      • Yකණි 1:53 pm on August 1, 2011 Permalink | Reply

        Rio බලන්න අනේ.. ඒකෙන් ඉගන ගන්න පුලුවන් :P

    • සුමින්ද 1:50 pm on August 1, 2011 Permalink | Reply

      කාටද මේ ආරාධනාව? :D

      • Yකණි 1:54 pm on August 1, 2011 Permalink | Reply

        අන්න සුමින්ද අයියට විතරයි තේරුණේ :D

    • පබලු 5:25 pm on August 1, 2011 Permalink | Reply

      කවි කාරයෙක් තවත්… ජයවේවා..

      අපිත් එන්නම්
      මේ තනිකම මකාලන්න
      ඉඩ කඩ තියන වෙලාවට..

      • Yකණි 5:32 pm on August 1, 2011 Permalink | Reply

        ස්තූතී අක්කා :)

    • Bunny 5:29 pm on August 1, 2011 Permalink | Reply

      මගේ දරුවෝ…! තොට මංඤඤංද ? :P

      • Yකණි 5:33 pm on August 1, 2011 Permalink | Reply

        ඒ බං උබලටත් ඕවා හිතුනාම බලපල්ලකෝ :D

  • Yකණි 10:11 pm on July 14, 2011 Permalink | Reply
    Tags: , , , මම, ,   

    මම සහ ඔබ 

    සිහිනෙකින් මම

    දකින්නම් රුව

    හිඳින්නම් ලඟ

    සැමදාම ඔබ

     
    • හසී 10:32 pm on July 14, 2011 Permalink | Reply

      ආ..හා….. කාගේද? නියමයි නියමයි :)

      • Yකණි 10:34 pm on July 14, 2011 Permalink | Reply

        හොයමින් පවතී :D

    • Sanj 10:37 pm on July 14, 2011 Permalink | Reply

      ඇයි සිහිනෙන් විතරක් …….?

      >>දිගටම ලියන්න :)

      • Yකණි 10:56 pm on July 14, 2011 Permalink | Reply

        තවම ඡායාව විතරයි.. ඒකයි කේස් එක :D හරි දුරයි

    • සම්පත් සඳරුවන් 10:43 pm on July 14, 2011 Permalink | Reply

      කවි ලිය ලිය ඉදලා
      කණියා ඇත මහළු වීලා
      අමුනලා ගොතාලා
      කණි අපි කියමුද බයිලා

      • Yකණි 10:59 pm on July 14, 2011 Permalink | Reply

        කවි එක එක කියාලා
        ඇය කැන්දන් ඇවිල්ලා
        අමුනලා ගොතාලා
        මම කියමි බයිලා :D

    • ශාමින්ද 11:41 pm on July 14, 2011 Permalink | Reply

      කවිය නිකම්ම විතරක් කියලා මදිනේ. කියන්න කෙනෙකුත් හොය ගමු.

      • Yකණි 12:07 am on July 15, 2011 Permalink | Reply

        අන්න ඒක තමා කේස් එක

    • සහෝධරයා 11:48 pm on July 14, 2011 Permalink | Reply

      ඇය කවුද
      මා කයිද
      කණියා… අරෙ අරේ :D

      • Yකණි 12:08 am on July 15, 2011 Permalink | Reply

        ආ බය වෙන්න එපා මචං උබව කන්නෙ නෑ :D

    • ඩිලාන් 2:42 am on July 15, 2011 Permalink | Reply

      හා,,හා පද 4න් ගැහුවා එහෙනම්…

      • Yකණි 5:50 pm on July 15, 2011 Permalink | Reply

        ඔව් අයියා.. ඊට වඩා හිතුනෙම නෑ ලියන්න :D

    • නිම්ශා 5:47 pm on July 15, 2011 Permalink | Reply

      කවුද අප්පේ මේ ඔබ …

      • Yකණි 6:56 pm on July 15, 2011 Permalink | Reply

        ඒකනේ තව හොයා ගන්න බැරි.. :/

    • පබලු 9:23 pm on July 15, 2011 Permalink | Reply

      අහා..කවි කාරයෙක් වෙලා නේ..නියමය නියමයි..ඒත් මේ කවුරු ගැනද ?

      • Yකණි 1:38 am on July 16, 2011 Permalink | Reply

        සිහිනෙන් පේන සුරංගනාවියක් :P

    • සම්පත් සඳරුවන් 10:17 pm on July 18, 2011 Permalink | Reply

      කණියගෙ සිතේ කවි සිතුවිලි ඇතිවීලා
      ඒකද මන්දා මහ වැස්සක් ඇතිවීලා
      වැස්ස වහින එක දැන්නම් නැවතීලා
      කණියගෙ කවිත් ඒ එක්කම නැවතීලා

  • Yකණි 9:41 pm on May 2, 2011 Permalink | Reply
    Tags: අළුත් කවි, කවි, බස්, ,   

    බස් සෙට් එක කල හදියක් 

    හිතෙනව ලියන්නට මට අයෙත් කවියක්
    අනේ අපොයි බස් සෙට් එක කල හදියක්
    පුරුදු කලා මුන් සෙට් එක මේ කවියක්
    ලියන්නව ඔන්න මම මේ කවි හැමදාමත්

     
    • හසී 9:45 pm on May 2, 2011 Permalink | Reply

      එල එල :) (දැන් හොල්මන් මුඩ් එකේ නිසා කවි ලියන්න බෑ.හෙට කවියකින් රිප්ලයි කරන්නම්)

    • අනුරාධ 9:53 pm on May 2, 2011 Permalink | Reply

      එලනෙ කොල්ලා. ඔහොම යන් ඈ…..
      අන්තිම පදේ අනිතිමටත් ‘ක්’ එකුරෙන් ඉව‍ර කලානම් තවත් අපූරුයි.

    • වැප් 10:05 pm on May 2, 2011 Permalink | Reply

      කවි ලියන්න බැරියෝ
      කමෙන්ටුවක් දැම්මෝ
      මම ඇවිත් බැලුවෝ
      දැන් මම යනවෝ

    • පිටස්තරයා 12:08 am on May 3, 2011 Permalink | Reply

      එරිලා නහය ගාවට වැඩගොඩ ගැහිලා
      දැකලා කණියා ලින්ක් එක චැට් එකට දමා
      ‍ගොතලා පැයක් තිස්සේ මේ පද දමලා
      ලියලා දැම්මා කවියක් වගෙ ගොඩ ගහලා

    • හසී 9:18 am on May 3, 2011 Permalink | Reply

      රස පද ගලපාලා
      එලිසමයත් තියාලා
      මඩත් ගසාලා
      ලියමු කවි හැමදා

    • Yකණි 4:35 pm on May 4, 2011 Permalink | Reply

      ඔබගේ වටිනා කාලය යොදවාලා
      කවි පද ගොතා ඇවිදින් කියවලා
      මේ මා හට සයයෝගය දීලා
      මෙන්න මගේන් තුති මල් මාලා

      ( මැච් වෙන්නෙ නැද්ද මංද :D )

    • සහෝධරයා 4:07 pm on May 30, 2011 Permalink | Reply

      කනියා මොකද දැන් දැන් කවියා වීලා
      ….
      ….
      මමමම දාගත්ත උබගේ තුති මාලා

      මැද හිස්… ඒ ටික දිවේ .. එලියට එන්නෙම නෑ :D

c
compose new post
j
next post/next comment
k
previous post/previous comment
r
reply
e
edit
o
show/hide comments
t
go to top
l
go to login
h
show/hide help
shift + esc
cancel